Saturday, April 13, 2013

Barbie: in the Nutcracker (2001) }{ බාබිගේ සිහිනය

Barbie: in the Nutcracker (2001) }{ බාබිගේ සිහිනය


"Barbie: in the Nutcracker" කියන්නෙ BARBIE කාතා මාලාවේ හමුවෙන පලමු Animation 1යි.

බැලේ නටන්න බැරිව දුකින් ඉන්න Kelly ව උනන්දු කරවන්න හිතාගෙනයි Barbie මේ Nutcracker කතාව Kellyට කියන්නෙ.

කතාවේ ප්‍රධාන චරිතය Clara,මෙයා ජීවත්වෙන්නෙ Drosselmeyer කියන එයාගෙ කේන්තිකාර සීයයි, Tommy කියන එයාගෙ දඟලන මල්ලියි එක්කලා.නත්තලට පෙර දිනයේ Clara ගේ නැන්දි Elizabeth එයාලට තෑගිත් අරන් නෑගම් එනවා.ඇය Clara ට නත්තලට Nutcracker කෙනෙක්ව තෑගි කරලා මෙයා තුල කුමාරයෙකුගේ සිතක් ඇති බව පවසනවා.දඟකාර Tommy, Nutcrackerව උදුරන්න ගිහින් අසරණ Nutcrackerගෙ අතක් කැඩෙනවා.

අත Fix කරලා නත්තල් ගහ ලඟ නින්දකට වැටුනු Clara ආයේ නැගිට්ටහම දකින්නෙ අත කැඩිච්ච Nutcracker මී රජතුමයි සේනාවයි එක්කලා fight කරනවා.Nutcrackerට උදව් කරන්න යන Clara ට වෙන්නෙ ලොවෙත් නැති වැඩක්.මී රජ්ජුරුවො Clara වත් එයාලා තරම් පුංචි කරනවා.
Nutcracker,Claraට කියනවා සූකිරිමල් කුමාරිකාවටයි පුලුවන් Claraව යථාතත්වයට පත් කරන්නත් ඔහුගේ ලෝකය බේරගන්නත් නැතිවුන Eric කුමාරයව හොයාගන්නත් කියලා.ඉතින් ඒ නිසා Claraත් යනවා Nutcracker එක්ක Gingerbread ගම්මානයේ පිහිටී Parthenia ප්‍රදේශයට.
ඉතින් ඇත්තටම Claraට පුලුවන් වෙයිද ආපහු ලොකු වෙන්න? එයාට ආපහු ගෙදර එන්න පුලුවන් වෙයිද? සූකිරිමල් කුමාරිකාව එයාට හමුවෙයිද? මී රජුව පරාජය කරලා Eric කුමාරයව හොයාගනිද? 

මේ කතාවේ ඉතිරිය ගෙතෙන්නෙ මෙයාලගේ මේ අරුම පුදුම ගමන වටායි.




Online බලන්න නම් පහළින් කොටන්න









Torrent පහළින් බාගන්න.



No comments:

Post a Comment